මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැවතත් සිංගප්පූරුවේ සංචාරයක නිරත වී සිටියි. මීට මාස කීපයකට පෙරද සිංගප්පූරුවේ සංචාරයක නිරත වූ විපක්ෂ නායකවරයාට ජාත්‍යන්තර ප්‍රජාව තුළ ඉහළ විශ්වාසයක් ඇති බව පෙනෙන්නට ඇත. මෙම සංචාරයේදී සිංගප්පූරුවේ හිටපු විදේශ අමාත්‍ය ජෝර්ජ් යෝ-බූන් මහතා හමුවූ විපක්ෂ නායකවරයා පාලනය, ආර්ථික පරිවර්තනය සහ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ පිළිබඳ පුළුල් සාකච්ඡාවක් පැවැත් වූ අතර මේ මොහොතේ ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යම කාරණයක් වූ සැබෑ ආර්ථික පරිවර්තනයකට ගමන් කිරීමට තම දැනුම පුළුල් කර ගැනීම වෙනුවෙන් කටයුතු කර ඇති බව පෙනේ. නොබෝ දිනකින් පාර්ලිමේන්තුවේදී තමා ලබාගත් දැනුම තුළින්,රටේ සිදුකළ යුතු ඵලදායී මෙන්ම අත්‍යවශ්‍ය වෙනස් කිරීම් සැඟවීමකින් තොරව ආණ්ඩුවට යෝජනා කිරීම අපට දැක ගත හැක. එය මෙම විපක්ෂ නායකවරයාගේ සුවිශේෂීත්වය යි. තමා ලබාගත් දැනුමෙන් රටට සේවය කිරීමට බලය ලැබෙනකන් බලා සිටීම මෙම විපක්ෂ නායකවරයාගේ ක්‍රියාකලාපය නොවේ.

මෙම සංචාරය අතරතුර සිංගප්පූරුවේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ඒජන්සියේ (A*STAR) සංචාරක නිරත වීමට ද කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතා A*STAR හි ප්‍රධාන ජාත්‍යන්තර හවුල්කාරිත්ව නිලධාරී ක්‍රිස් ලෙක් මහතා සහ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ එල්වින් චියා මහතා හමුවී ඉල්ලා සිටියේ කවර ආණ්ඩුවක් යටතේ හෝ ශ්‍රී ලංකාවේත් විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන සඳහා තනි ඉහළ ආයතනයක් ඇති කිරීමට කටයුතු කරනු ලැබුවහොත් ඒ සඳහා ඔවුන්ගේ උපරිම සහයෝගය ලබා දෙන ලෙසයි. එවැනි ආයතනයක විශාල අවශ්‍යතාවයක් ශ්‍රී ලංකාව තුළ පවතින බවත්, එවැනි ආයතනයක් ආරම්භ කිරීමට වර්තමාන රජයට යෝජනා කරන බවත් ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා ඔවුන් ඒ සඳහා ක්‍රියා නොකළහොත් තම ආණ්ඩුවක් යටතේ අනිවාර්යයෙන්ම එවැනි ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන බවද ප්‍රකාශ කරන ලදී.

තවද මෙම සංචාරයේදී හුණ්ඩායි සමාගමේ ක්ෂේත්‍ර චාරිකාවක ද නිරත වූ විපක්ෂ නායකවරයා ප්‍රධාන වශයෙන්ම එම තාක්ෂණය ලංකාවට රැගෙන ඒම පිළිබඳව සාකච්ඡා කොට ඇත. ඇඟලුම් තාක්ෂණය මෙරටට ගෙන ඒමට පුරෝගාමීව කටයුතු කළ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ අඩි පාර සිහිගන්වමින් විපක්ෂ නායකවරයා ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාවට නව තාක්ෂණය ඒකාබද්ධ කිරීම ප්‍රමුඛ කොට සැලකීමද විශේෂයෙන්ම අගය කළ යුතුමය. මන්ද තාක්ෂණයේ දියුණුව ආර්ථික වර්ධනයේ එක් ප්‍රධානම සාධකයක් වීමයි.

විපක්ෂ නායක වරයාගේ සුවිශේෂීත්වය තේරුම් ගැනීමට ඇති වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස පවතින ආණ්ඩුවේ දැඩි අසාර්ථකත්වයක් පෙන්වූ දිට්වා සුළි කුනාටුවෙන් පෙර සහ පසු තත්ත්වයන් සලකා බැලිය හැකිය.
එම අවස්ථාවේදී ආණ්ඩුව බිත්තියටම හේත්තු කිරීමට අවස්ථාව තිබියදීත්, ආණ්ඩුවේ පසුගාමී ක්‍රියා කලාපය පමණක් පෙන්වා දුන් විපක්ෂ නායකවරයා සැමටම පෙර ආපදාවට ලක්වූවන්ට සහන සැලසීම වෙනුවෙන් හදිසි නීතිය ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. ඒ හදිසි නීතියට මුවා වී විපක්ෂය මර්ධනය කිරීමේ අවදානමක් තිබියදීය. තවද ආපදාවට පත් වූවන්ට සහන සැලසීම වෙනුවෙන් අරමුදල් වෙන්කර ගැනීමට අවශ්‍ය සියලු සහයෝගය ලබාදීමට ද විපක්ෂ නායකවරයා කටයුතු කළේ, කුණාටුවට පෙර එවැනි අවදානමක් පවතින බව පාර්ලිමේන්තුවේ තමා විසින් සිදු කරන ලද කතාවට කිසිදු ඇහුම්කන් දීමක් ආණ්ඩුව විසින් සිදු නොකරන ලද පසුබිමකය.
ආපදාවෙන් අනතුරුව ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා 2026 සඳහා යෝජිත අයවැය සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් විපක්‍ෂ නායකවරයාට එවැනි අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ප්‍රකාශ කලද පසුව ඒ සඳහා අතුරු සම්මත ගිණුමක් හරහා මුදල් වෙන්කර ගැනීමටද ආණ්ඩුව කටයුතු කරනු ලැබුවේය.
ඉන් පසුවද ආණ්ඩුව ඇන ගැනීමට ලක්වනතුරු බලා නොසිට දිට්වා සුළි කුණාටුවෙන් පසු පවතින IMF ගිවිසුම සංශෝධනය කර ගැනීමේ අවශ්‍යතාවය පළමුවෙන්ම පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන් විට සුපුරුදු පරිදි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ 'විපක්ෂ නායකවරයාගේ උදව් අනේ ප්ලීස් එපා කියාය'. එවැනි ප්‍රකාශ තුළින් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ අත්දැකීම්වල අඩුකම මොනවට පැහැදිලි වන බව දේශපාලන විශ්ලේෂකයින් පසුව පෙන්වා දෙනු ලැබීය.
ඉන් දින කිහිපයක් ගතවීමටත් ප්‍රථම ජාත්‍යන්තර නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥයෙකුද ඇතුළුව ආර්ථික විශ්ලේෂකයින් පිරිසක් ප්‍රසිද්ධ ලියුමක් මගින් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව පවතින IMF ගිවිසුම ඉක්මනින්ම සංශෝධනය කළ නොගතහොත් ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් අවධානමකට ලක් විය හැකි බවයි.
.jpg)
එසේම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ප්‍රසන්න පෙරේරා IMF ආයතනයේම සහෝදර ආයතනය වන ලෝක බැංකු වාර්තා උපුටා දක්වමින් පෙන්වා දුන්නේ මේ මොහොතේ පවතින IMF ගිවිසුම අනිවාර්යයෙන්ම සංශෝධනය කර ගත යුතු බවයි.

ඉන් අනතුරුව පැවති රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් මහතා ද පවතින IMF ගිවිසුම අනිවාර්යයෙන්ම සංශෝධනය කරගත යුතු බව තහවුරු කරන ලදී.

මෙම සිද්ධියෙන් අන් කිසිවක් නොව විපක්ෂ නායකවරයාගේ ආර්ථික දැනුම මෙන්ම දුරදක්නා නුවණ ඉතා හොඳින් පැහැදිලි වන බවද ප්‍රකාශ කළ යුතුමය. එතුමා නිතරම විෂයට අදාල විශේෂඥයින්ගේ මතය විමසමින් ඒ අනුව තම තීරණ ගැනීමද එයට හේතු වී ඇත. මෙය නායකයකු සතු විය යුතු මෙන්ම වර්තමාන නායකයින් සතුව ඉතා කලාතුරකින් පිහිටන ඉතාම වටිනා චරිත ලක්ෂණයක් බවද අපි අත්දැකීම් ඇසුරින්ම දනිමු.
දිත්වා සුළි කුණාටුව හමුවේ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් ලබාගත හැකි උපරිම දායකත්වය ලබා ගැනීමට ජාත්‍යන්තර ආධාරක සමුළුවක් (International Doner Conference) කැඳවීමේ අවශ්‍යතාවයද විපක්ෂ නායකවරයා විසින් පෙන්වා දීමෙන් අනතුරුව ඒ සඳහා රජයේ අවධානය ද යොමු වී ඇති බව පසුව වාර්තා විය.
කෙසේ නමුත් ශ්‍රී ලංකාවට උපරිම ප්‍රතිලාභ ලබා ගැනීම ආණ්ඩුවේ කාර්යභාරයක් පමණක් නොවන බව ලොවට පසක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ආධාර ඉල්ලා සිටියේය.

මෙලෙස එක් පසකින් ජාත්‍යන්තරය සමඟ සාකච්ඡා පවත්වන අතරතුර විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාර බෙදා දීමේ කටයුතුවලට සහභාගී වූ විපක්ෂ නායකවරයා ' හුස්ම ' වැඩසටහන මගින් සුළි කුනාටුවෙන් ආපදාවට ලක් වූ රජයේ රෝහල් වෙනුවෙන් විශාල වටිනාකමකින් යුත් රෝහල් උපකරණ ලබාදීමට කටයුතු කරන ලදී. තම පක්ෂ අරමුදල භාවිතා කරමින් පෙර වර්ෂ වලදී 'සක්වළ' වැඩසටහන ක්‍රියාත්මක කළ විපක්ෂ නායකවරයාට වර්තමාන ආණ්ඩුව "කෝ දැන් සක්වල" ලෙස ප්‍රශ්න කළ පසුබිමක් තුළ 'හුස්ම' වැඩසටහන ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවට මහත් පහරක් ලෙස දැනෙන්නට ඇත.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධ ගැටලුවේදීද විපක්ෂ නායකවරයා පැහැදිලිව ප්‍රකාශ කළේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දැමීම ජනාධිපතිවරයාගේ තීරණයක් බවත්, තමාට අවශ්‍යය වඩා විනිවිදභාවයකින් යුතුව මෙම ප්‍රතිසංස්කරණ සිදුකිරීමත්, එමගින් දරුවන්ට ලබාදිය හැකි උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමත් බවයි. අධ්‍යාපනය අසභ්‍යකරණයට තමා විරුද්ධ බව ප්‍රකාශ කළ විපක්ෂ නායකවරයා නිවැරදි ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය සියලු සහයෝගය ලබාදෙන බවද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය. ඔහුගේ සෘජු නායකත්ව ගුණය මෙමඟින් පැහැදිලි වේ.
ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ඉතා ඉහළ පිළිගැනීමක් විපක්ෂ නායකවරයාට ලැබී ඇති බව මීට මාස දෙකකට පමණ ඉහතදී ඉන්දියානු රජයේ නිල ආරාධනයකට අනුව විපක්ෂ නායකවරයා ඉන්දියාව බලා පිටත්ව යාම තුළින් පෙනේ. ආණ්ඩුවටද විශාල හිසරදයක් වූ මෙම සංචාරය දේශපාලනික වශයෙන් වැදගත් සංඥා කිහිපයක් නිකුත් කරන බව දේශපාලන විශ්ලේෂකයින්ගේද අදහස විය.
එම සංචාරයේදී ද ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා දිය හැකි සියලු සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලු විපක්‍ෂනායකවරයා, ඉන්දීය ව්‍යාපාරිකයින් පිරිසක් හමුවේ ප්‍රකාශ කළේ හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවේ ආයෝජනයට යොමුවන ලෙසත් ආයෝජනය සඳහා පවතින බාධක ඉවත් කර ගැනීමට ආණ්ඩුවට අවශ්‍ය බලපෑම සිදුකිරීමට තමන් සූදානම් බවත්ය. ඒ අන් කිසිවක් නිසා නොව මේ මොහොතේ ශ්‍රී ලංකාවට වඩාත්ම අවශ්‍ය සාධකය වන්නේ විදේශ සෘජු ආයෝජන බව ඉතා හොඳින් අවබෝධ කරගෙන සිටින නිසාවෙනි. ආර්ථික විශ්ලේෂිකයින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවට සැබෑ ලෙසටම ගොඩ ඒමට අවශ්‍ය නම් මේ මොහොතේ විදේශීය සෘජු ආයෝජන පිම්මක් පැනිය යුතු බවයි.

ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කළ යුතු ආකාරය පාසල් සමයේදීම එංගලන්තයේ ගත කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට අමුතුවෙන් කිවයුතු ද නැත. අවසාන වශයෙන් ප්‍රකාශ කළ හැකිවන්නේ මෙවැනි අත්දැකීම් මද ආණ්ඩුවක් බලයේ සිටින සමයක මෙවැනි පරිණත, සරලවම කිවහොත් හැම දේකදීම ආණ්ඩුවේ කකුලෙන් නොඅදින කෙනෙක් විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කිරීම ජනතාවගේ භාග්‍ය බවයි. ඔහු එසේ නොකිරීමට හේතුව ජනතාව කෙරෙහි දක්වන අසීමිත ආදරය බවද ප්‍රකාශ කළ යුතුයි.
Lanka Newsweek © 2026